Man dies after crashing into White House gate - security concerns

ඇමරිකානු ජනපති වාසය කරන ධවල මන්දිරයේ ගේට්ටුවේ ගැටීමෙන් රියදුරකු මිය ගිය බව එක්සත් ජනපද රහස් ඔත්තු සේවය පවසයි.
සෙනසුරාදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇතැයි බලධාරීහු පවසති. ධවල මන්දිර සංකීර්ණයේ පිටත පරිමිතියට අයත් ගේට්ටුවක දී රාත්‍රී 10.30 ට මඳ වේලාවකට පෙර සිදුවූ අනතුරින් පසු රියදුරු වාහනය තුළ මියගොස් සිටියදී සොයා ගත් බව එක්සත් ජනපද රහස් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ආරක්ෂක ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කළ නමුත් ධවල මන්දිරයට තර්ජනයක් නොවූ බව ඔවුන් පවසා ඇත. රියදුරු වහාම හඳුනාගෙන නොමැති බවද පවසයි.

වොෂින්ටන් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවට විමර්ශනය භාර දෙන අතරම, රහස්‍ය සේවයද මේ සම්බන්ධයෙන් දිගටම විමර්ශනය කරන පවසයි.



"මේ අවස්ථාවේදී, සිද්ධිය රථවාහන අනතුරක් ලෙස පමණක් විමර්ශනය කරනු ලැබේ," නීතිය ක්රියාත්මක කිරීමේ බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

රාත්‍රී 10.45 ට පමණ අධික වේගයෙන් ගමන් කළ වාහනය ධවල මන්දිරයේ පිටත පරිමිතියේ ගේට්ටුවක ගැටුණු බවට  මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව පැවසූ බව ෆොක්ස් නිව්ස් වාර්තා කළේය.

මින් ඉහත ජනාධිපති මන්දිර සංකීර්ණයේ බාහිර ගේට්ටුවකට වාහනයක් හැපීම සම්බන්ධයෙන් ධවල මන්දිරය අසලදී වෙනත් පුද්ගලයකුද ජනවාරි මස මුලදී රඳවා ගනු ලැබූ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.